Saturday, 29 November 2025

ඉල් මහ මතක සටහන්: හෙට දවස වෙනුවෙන්

ඉල් මහ මතක සටහන්: හෙට දවස වෙනුවෙන්
අන්ධ පක්ෂපාතිත්වයට වඩා විවේචනාත්මක චින්තනයට ඇති අවශ්‍යතාව

ලයනල් බෝපගේ

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගැනීමත්, පසුව ඝාතනය කිරීමත් සිදු කර මෙම නොවැම්බර් 13 වන දා ට වසර 36 ක් පිරේ. 1989 දී ඔහුව අතුරුදහන් කිරීම සනිටුහන් කලේ රාජ්‍යය, එයට අනුබද්ධ වූ කණ්ඩායම් සහ ජවිපෙ මත් සම්බන්ධ වුනු සීමාන්තික දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් සමන්විත වූ කාල පරිච්ඡේදයක; ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලේ කැලඹිලි සහගත අවසානය යි. අතීතය ගැන පමණක් නොව, ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යවශ්‍ය ව පවතින අත්දැකීම් ගැන මෙනෙහි කිරීමට මෙම අවස්ථාව ඉඩකඩ සපයා දෙයි.

1989: තීරණාත්මක වසරක්

1980 දශකයේ අග භාගය ශ්‍රී ලංකාවේ පශ්චාත්-නිදහස් ඉතිහාසයේ වඩාත්ම වේදනාකාරී පරිච්ඡේදවලින් එකක් විය. 1983 දෙමළ විරෝධී කෝලාහල සහ 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුම, පැවතුණ දේශපාලන ආතතීන් විවෘත ගැටුමක් බවට පත් කළේය. සාමයට මුලපිරීමක් ලෙස හඳුන්වා දෙන ලද ගිවිසුම, ඒ වෙනුවට දකුණේ පුළුල් අවිශ්වාසයක් ජනිත් කර ජාතිකවාදය ඉහළට ඔසවා ලීය. ඒ වන විටත් තහනමට ලක් කර සිටි හෙයින් යටි බිම් ගතව ක්‍රියාත්මක වෙමින් පැවති ජනතා විමුක්ති පෙරමුණ, රජයට එරෙහිව සන්නද්ධ ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා මෙම හැඟීම් යොදා ගත්තේය.

දෙපාර්ශ්වය ම ප්‍රතිචාර දැක්වූයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න කරමිනි. දහස් ගණන් සිවිල් වැසියෝ, ක්‍රියාකාරීහු සහ සාමාන්‍ය තරුණ ජනයා සිය ජීවිතවලින් වන්දි ගෙවූහ. බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ඛේදජනක ලෙස සාමාන්‍ය තත්වයට පත් විය.

1989 වසර, ප්‍රධාන ගෝලීය විතැන් වීම් සමඟ ද සමපාත විය. බර්ලින් තාප්පය බිඳ වැටීම ද, සෝවියට් සංගමය සහ එහි බලපෑම විසිරී යෑම ද ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා බොහෝ වාම ව්‍යාපාරවලට ආභාෂය ලබා දුන් සමාජවාදී ක්‍රමයේ පරිහානිය සනිටුහන් කළේය. ජාත්‍යන්තර සබඳතා සහ ජාතික ප්‍රමුඛතා යලි හැඩ ගස්වමින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වේගයෙන් පැතිරෙමින් පැවතුණි.

දශක තුන හමාරකට පසු: වෙනස් වූ භූ දර්ශනයක්

අද, ශ්‍රී ලංකාව විස්මය ජනක ලෙස වෙනස් අන්දමේ දේශපාලන නිමේෂයකට මුහුණ දෙමින් සිටියි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අතරින් අරගල කල ජනතා විමුක්ති පෙරමුණ දිගු ගමනක යෙදී ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ප්‍රවේශ වී ඇත. 2024 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුව පිහිටුවමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනතා බලවේගයේ (NPP) සභාගය අති විශිෂ්ට ජයග්‍රහණ අත් කර ගත්තේය.

දූෂණයට එරෙහිව සටන් කිරීම, මත් ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සහ රාජ්‍ය ආයතනවල විශ්වසනීයත්වය යලි ගොඩනැගීම සඳහා NPP පරිපාලනය කැප ව සිටී. නිව්යෝර්ක් පුරපතිවරණයෙන් සොහ්රාන් මම්දානි අත් කර ගත් ජයග්‍රහණය සංකේතවත් කල ප්‍රගතිශීලී ස්ථාන මාරුව වැනි, ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටින අනෙකුත් ගෝලීය ව්‍යාපාර මෙන්, වසර ගණනාවක අවකළමනාකරණය සහ ආර්ථික පරිහානියෙන් පසුව වෙනසක් සඳහා පැවතුණ පුළුල් මහජන ඉල්ලීම තුලින් NPP ආණ්ඩුව මතු විය.

කෙසේ වෙතත්, දේශපාලන බලය ලබා ගැනීම පළමු පියවර පමණකි. පාලනය පරිණාමනය කිරීම සහ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා විනිවිදභාවය, වගවීම සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් තිරසර ලෙස කැපවීමක් අවශ්‍ය වනු ඇත.

අන්ධ පක්ෂපාතිත්වය, පන්ති සම්මුතිය සහ සමාජ සාධාරණත්වයේ අත්‍යවශ්‍ය බව

පක්ෂය හෝ ජන වාර්ගිකත්වය සහ ලබ්ධිය වෙත දක්වන අන්ධ පක්ෂපාතිත්වය, මුල් ඇද ගත් ඵල ප්‍රයෝජන සමඟ සම්මුතියට එළඹීම සහ සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටු කිරීම අතර පවතින ආතතිය සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලනය දිගු කලක් තිස්සේ පොර බදමින් සිට ඇත.

අන්ධ පක්ෂපාතිත්වය ප්‍රජාතන්ත්‍රවාදී අන්දමට තීරණ ගැනීම විකෘති කර දමයි. එය විසම්මුතියට හෝ තර්කාන්විත විවාදයට ඉඩකඩ ලබා දෙන්නේ මඳ වශයෙනි. දකුණේ කැරලි සහ උතුරේ ගැටුම අතරතුර දී, සත්‍යයට හෝ මනුෂ්‍යත්වයට වඩා නායකත්වයට දැක්වූ පක්ෂපාතිත්වය විසින් ප්‍රචණ්ඩත්වය සාධාරණය කරන ලද අතර වෙනස් අදහස් නිහඬ කර දමන ලදි. එවැනි අවිචාරාත්මක අවනතභාවය නොකඩවා අපගේ ආයතන සහ සිවිල් වටිනාකම් වලට තර්ජනයක් ව පවතී.

ගෝලීය වශයෙන්, බොහෝ රටවල් ආගම පාලනයෙන් වෙන් කර තබන්නට අරගල කරති. බහුතර ඇදහිල්ලට ව්‍යවස්ථාමය වැඩි සැලකිලි ලබා දී ඇති ශ්‍රී ලංකාව ද එම අභියෝගයට මුහුණ දෙයි. සාධනීය ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය වන්නේ පක්ෂග්‍රාහී බලපෑම් නොව සමාන පුරවැසිභාවය මගින් ජාතික ප්‍රතිපත්ති මෙහෙයවනු ලැබීමයි.

මේ අතර, පන්ති සම්මුතිය, වාම බලවේග සහ ධනවාදී කණ්ඩායම් අතර පවතින සන්ධාන පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ, සමාජවාදී පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හවුල්කාරිත්වයන් 1950 ගණන්වල සිට පැවතෙයි. එවැනි සැකසුම් කෙටි කාලීන ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගත් අතර, ඒවා පරිණාමීය න්‍යාය පත්‍ර දියාරු කර දැමීය. 1970 ගණන්වල සිට නව ලිබරල්වාදය ගෝලීය වශයෙන් නැඟී ඒම විසින් පුද්ගලීකරණය සාමාන්‍ය කරණය කරමින් සහ කම්කරු අයිතීන් හීන කර ලමින් බලය තවදුරටත් ප්‍රාග්ධනය දෙසට නැඹුරු කලේය.

මෙම පසුබිමට එරෙහිව, සමාජ සාධාරණත්වය උත්සාහ කරන්නේ ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීමට සහ විශේෂයෙන් ආන්තික ප්‍රජාවන් සඳහා සමාන අවස්ථා සහතික කිරීමට යි. එය ඉල්ලා සිටින්නේ සමකාලීන දේශපාලන ප්‍රතිසංස්කරණයේ කේන්ද්‍රීය මූලධර්මයක් වන - බලය මෙන්ම සම්පත් යලි බෙදා හැරීම යි.

ප්‍රචණ්ඩකාරී අතීතයෙන් ඉගෙනීම

1980 ගණන්වල අග භාගයේ ප්‍රචණ්ඩකාරී සිද්ධි, ජවිපෙ ඉතිහාසයේ වඩාත්ම විවාදයට ලක් වූ භූමිකාව ලෙස දිගටම පවතී. ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක බවට පත්ව සිටි පවුල් අතර බලවත් ආවේගාත්මක කම්පනයන්ට දායක වෙමින්, ආණ්ඩුවේ ඝාතක කල්ලි සහ සන්නද්ධ ජවිපෙ ඒකකවලට එරෙහිව පවතින චෝදනා තවමත් විසඳනු නොලැබ පවතී.

ඔවුන් කෙරෙහි යම් විශ්වාසයක් ඇති කරමින්, ගැටුමේ පැවති  සිය භූමිකාව 2014 දී ප්‍රසිද්ධියේ පිළි ගත් ජවිපෙ ඇති වූ දුක් වේදනාවන් වෙනුවෙන් සිය කනගාටුව පළ කර සිටියේය. මෙය ජාතික සංහිඳියාව සඳහා ගන්නා ලද වැදගත් සදාචාරාත්මක පියවරක් විය. 1990 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නැවත පිවිසුණු විට, එය ආයතනික ක්‍රියා පටිපාටි සහ ප්‍රචණ්ඩකාරී නොවන කතිකාවන්ට සහභාගී වීමට එහි පැවති සූදානමේ සලකුණක් ලෙස වටහා ගන්නා ලදී.

ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (UPFA) කොටසක් ලෙස ආණ්ඩුවට ඇතුළු වූ, විශේෂයෙන් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, මැතිවරණ සාර්ථකත්වය එය ලුහු බැඳ ආවේය. මෙම සහභාගීත්වය පාලන අත්දැකීමක් ලබා දුන් නමුත් මතවාදීමය අනුකූලතාව සහ සභාග දේශපාලනය පිළිබඳ අභ්‍යන්තර විවාද ද ඉහළට ඔසවා ලීය.

ආර්ථික අභියෝග සහ ජනතා අපේක්ෂා

2022 අරගලය විරෝධතාවලින් පසුව, දේශපාලන ප්‍රභූ පැලැන්තීන් කෙරෙහි පැවති මහජන විශ්වාසය බිඳ වැටුණි. අවසානයේ NPPයේ නැඟී ඒම පිළිබිඹු කළේ දූෂණය සහ ආර්ථික අස්ථාවරත්වය පිළිබඳ පුළුල් ලෙස පැවති කලකිරීම යි. බිඳෙන සුලු ආර්ථිකයක් උරුම කර ගත් නව ආණ්ඩුව දැන් අවදානමට ලක් විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කරන අතර මූල්‍ය සීමා කිරීම් තුලනය කළ යුතුය.

මුල් කාලීන විවේචන පැවතුණ ද, IMF වැඩසටහන තුළ ස්ථාවරත්වයක් අත් කර ගැනීම සඳහා පරිපාලනය කටයුතු කර ඇති අතර සමාජ සුබසාධනය උදෙසා වැඩි සුරක්ෂිතතාවන් ද ලබා දී ඇත. 2025 අයවැය, අඩු ආදායම්ලාභී පවුල්වලට සහාය වීම, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගත් පියවර හඳුන්වා දුන්නේය.

කෙසේ වෙතත්, සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේ, පෙනෙන්නට තිබෙන ප්‍රතිඵල අනුවයි; විශේෂයෙන් දරිද්‍රතාවය අඩු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා සහාය වීම සහ කෘෂිකාර්මික හා රැකියා අවස්ථා ශක්තිමත් කිරීම අනුව යි.

වඩා පුළුල් ඇතුළත් කර ගැනීමක් කරා

NPP යේ මැතිවරණ සභාගය විවිධ කලාපීය සහ ජනවාර්ගික පසුබිම්වලින් තරුණ ජනයා, සේවකයන් සහ වෘත්තිකයන් එකට ගෙන ආවේය. එය විදහා දැක්වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට සාම්ප්‍රදායික බෙදුම් ඉක්මවා යා හැකි බව යි.

එහෙත්, තවත් බොහෝ දේ කළ යුතුය. භාෂා අයිතිවාසිකම්, ඉඩම් ගැට‍ළු සහ දේශපාලන නියෝජනය ඇතුළුව දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන් සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කරුණු තවමත් නොවිසඳා පවතී. අර්ථ සහගත ලෙස බලය බෙදා හැරීම සඳහා ස්ථිර සහ සාධාරණ කැපවීමක් අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ බහුතරවාදී පාලන ආකෘතියක් කෙරෙහි විශ්වාසය තබා ඇත. අවිශ්වාසය ගැඹුරු බවට පත් කල මෙම ප්‍රවේශය, දශක ගණනාවක් තිස්සේ ගැටුම් ඇති කර ලීමට දායක විය. ගෝලීය උදාහරණ විකල්ප පෙන්නුම් කර දේ: නිදසුනක් වශයෙන්, බෙල්ජියම, ව්‍යවස්ථාපිත බලය බෙදා හදා ගැනීම තුලින් ලන්දේසි සහ ප්‍රංශ කතා කරන ජනගහන අතර සමානාත්මතාවය සහතික කළේය. ජාතික සමගිය දුර්වල කරනු වෙනුවට බලය බෙදා හදා ගැනීම එය ශක්තිමත් කර ලීය.

පළාත් සභා මැතිවරණ සඳහා අරමුදල් වෙන් කිරීමට මෑතක දී ආණ්ඩුව දැක්වූ කැපවීම සාධනීය සංඥාවකි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි මාර්ග සිතියමක් දැක්වීම බහුත්වවාදය සහ සංහිඳියාව සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යලි තහවුරු කරනු ඇත.

වගකියන පාලනය: උද්වේගය පරයා සාධක

අපගේ මෑත අතීතයේ හට ගත් කැලඹීම්වලින් ලැබෙන ප්‍රධාන පණිවිඩය සරල එකකි; එනම්, ප්‍රජාතන්ත්‍රවාදයට අන්ධ පක්ෂපාතිත්වය මත විශ්වාසය තැබිය නොහැකි බව යි. සාධනීය පාලනය ගොඩනැගිය යුත්තේ:

·         දැනුවත් ජනතා විශ්වාසය

·         කරුණු සහ නීතියට ගරු කිරීම

·         වැරදි සඳහා වගවීම

·         විවේචනයට විවෘත වීම

·         සියලු මට්ටම්වල ප්‍රජා සහභාගීත්වය

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය යන රටවල් දෙකම නිරූපණය කරන්නේ පුළුල් ලෙස බිම් මට්ටමේ කරන බලමුළු ගැන්වීම මගින් ලබා ගත් දේශපාලන ජයග්‍රහණ අඛණ්ඩව පෝෂණය කළ යුතු ආකාරය යි. ජාතික ජන බලවේගය බලයට පත් වූයේ ජනතා ක්‍රියාකාරීත්වයේ රැල්ලක් මතිනි. විශේෂයෙන් තරුණ පුරවැසියන් අතර එම සහභාගීත්වය පවත්වා ගැනීම විසින්, ප්‍රතිසංස්කරණ සාර්ථක වේද නැතහොත් නතර වේද යන්න තීරණය කරනු ඇත.

ඒ සමඟම, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සාධාරණය ඉටු කරනු දැකිය යුතුය. දූෂණ විරෝධී සහ මත් ද්‍රව්‍ය විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන අතර ම, වැරදි කරුවන් වග කියන බවට පත් කිරීමේ දී ඇති වන ප්‍රමාදයන් හේතුවෙන් විශ්වාසය කඩ විය හැකිය. නීතිය සැමට සමානව යෙදෙන බව ජනතාවට පෙනිය යුතුය.

සියල්ලට වඩා, පාලනය - ජීවන වියදම් පීඩන, විරැකියාව, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය අතින් පුරවැසියන් දෛනික ව උසුලන බර ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ ගරුත්වය එකිනෙක හා අත්වැල් බැඳ ගෙන පෙරට යා යුතුය.

නිගමනය: විවේචනාත්මක සිතුවිලි මත ගොඩනැගුණු අනාගතයක්

අප 1989 නොවැම්බර් මාසයේ සිදුවීම් සිහිපත් කරන විට, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ අන්ධ පක්ෂපාතීත්වය ගෙන ආවේ බෙදී යෑම් සහ ඛේදවාචක පමණක් බව අපට මතක් කර දෙයි. මෙම පරම්පරාවේ ද; එහි තෝරා පත් කර ගත් නියෝජිතයින්ගේ ද වගකීම වන්නේ එවැනි වැරදි කිසි විටෙකත් යලි සිදු නොවන බවට සහතික කිරීමයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට අවශ්‍ය වන්නේ:

·         නොවිමසන අවනතභාවයට වඩා විවේචනාත්මක සිතුවිල්ල

·         ආවේගාත්මක ධෘවීකරණයට (polarisation) වඩා ප්‍රජාතන්ත්‍රවාදී විවාදය

·         ප්‍රායෝගිකත්වයට (කඩිනම් භාවයට) වඩා අවංකත්වය (අඛණ්ඩතාව)

·         බහුතරවාදී ආධිපත්‍යයට වඩා විවිධත්වයේ එකමුතුව

ආරම්භයේ පටන්, බොහෝ ජවිපෙ සාමාජිකයෝ සහ ආධාරකරුවෝ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවේචනාත්මක චින්තනයට වඩා අවනත බව අවශ්‍ය වූ බව විශ්වාස කළහ. කෙසේ වෙතත්, එම අවනත බව අවසානයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට හේතු කාරක වූ, වාම දෘෂ්ටිකෝණයකින් ගත් විට ප්‍රතිපත්ති විරහිත අපගමනයන්ට කොන්දේසි විරහිතව සහාය පල කල අන්ධ පක්ෂපාතිත්වය වෙත ආරෝපණය කළ හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී විවාදයක් නොමැතිකම පක්ෂය අවස්ථා කිහිපයක දී ජවිපෙ බිඳී යාමට සලස්වමින් පක්ෂය තුළ කල්ලි ගොඩ නැගීමට මඟ පෑදීය. ඔවුන්ගේ දේශපාලන ඉදිරි දර්ශනයන් හැම විටකම පාහේ පෙළ නොගැසුණ විට සම්මුතියකට එළඹීමට කණ්ඩායම් අකමැති වූ බව පෙනේ. එහෙත් බොහෝ දුරට, ජවිපෙ එහි පැවැත්ම පුරාම ඒකමතිකව තීරණවලට එළඹ තිබුණේය.

ජාතික ජන බලවේගය බලයට තෝරා පත් කර ගෙන ඇති බැවින් ඔවුහු මෙම කරුණු වඩාත් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය. අවසානයේ දේශපාලන ආයතනයක් ලෙස එය දුර්වල හෝ අක්‍රිය බවට පත් කරවන ආවේගාත්මක ධ්‍රැවීකරණය වළක්වා ලීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී විවාදයට ඉඩකඩ ලබා දිය යුතු අතර, ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ආස්ථාන වර්ධනය කිරීමේ දී විවේචනාත්මක චින්තනය දිරිමත් කළ යුතුය.

ජවිපෙ පාලක බලවේගයක් බවට පරිණාමනය වීමෙන් පෙන්නුම් කරන්නේ සමාජයන්ට අතීත ගැටුම්වලින් ඔබ්බට විකාසය විය හැකි බවයි. දැන් අභියෝගය වන්නේ පක්ෂපාතීත්වය තුලින් ඉල්ලා නොසිටින, විනිවිද පෙනෙන ක්‍රියාමාර්ග තුළින් විශ්වාසය උපයා ගන්නා දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමයි.

ශ්‍රී ලංකාවට පරිණත සහ අන්තර්ග්‍රාහී (ඇතුළත් කර ගන්නා) ප්‍රජාතන්ත්‍රවාදයක්, එහි සියලු පුරවැසියන්ට ගරු කරන සහ එහි ඉතිහාසයෙන් අවංකව ඉගෙන ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයක්, වර්ධනය කළ හැකි නම්, සාධාරණ හා සාමකාමී හෙට දවසක් උදා කර ගැනීම කරා අපව මෙහෙයවමින්, අතීතයේ වේදනාකාරී මතකයන් උතුම් අරමුණක් වෙනුවෙන් සේවය කරනවා ඇත.

2025 නොවැම්බර් 13 වන දා

No comments:

Post a Comment