Sunday 17 July 2016

පලුටාව HOW TO DEAL WITH PAIN

පලුටාව HOW TO DEAL WITH PAIN


මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියට යාබද පලුටාව නම් ගමේ සිදුවූ ඛේදාන්තයක්. ඒ නිසාම චිත්‍රපටයේ නමත් "පලුටාව"
මානව ඉතිහාසයේ ගමන්මග අරගලවලින් පිරි එකකි.මිනිසා මිනිසාට එරෙහිව, තම වර්ගයාටම එරෙහිව නැගිසිටීම් වලින් ඉතිහාසය පිරීතිබේ. හැමවිටම සහාසිකත්වය සහ කෘරත්වය එකක් අනෙක පරයා යයි.එනිසයි අපි හැමවිටම කියන්නේ, 71' කට වඩා 86/90 කාලයේ භිෂණය සහාසිකයි කියලා. 71 අප්‍රේල් කැරල්ලේ මියගිය සංඛ්‍යාව හැටියට කියවෙන්නේ5000 විතර කියලයි. 86\90 අරගලයේ දි මෙම සංඛ්‍යාව 60,000 දක්වා ඉහල යනවා. පලමුවන ලෝක යුද්දයෙන් මිලියන17 ක් මිය ඇදෙනවා. දෙවන ලෝක යුද්දය වනවිට මෙම ගනන මිලියන 60 දක්වා වැඩි වෙනවා. දෙවෙනි ලෝක යුද්ධයට පෙර,ලෝක ඉතිහාසයේ ඉතා අමානුෂික හා අපකීර්තිමත්ම දේශපාලන සිරකඳවුර ලෙස වාර්තාවී තිබුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ පාලනය වු දකුනු අප්‍රිකාවේ බුවර් යුද්ධයේ සිරකරුවන් රඳවා තිබු කඳවුරයි. එහෙත් හිට්ලර්ගේ නාසි යුද්ධයේ ම්ලේච්චත්වය, සහාසිකබව සහ කෘරත්වය මේ සියල්ල අභිබවා ගියේය.